ෆේස්බුක් දැඩි තීරණයක් ගනී

Facebook Meta
By Sithumi Nov 10, 2022 03:10 PM GMT
Report

මාර්ක් සකර්බර්ග් විසින්  රැකියා කප්පාදුව සිදු කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

ෆේස්බුක් මවු සමගම වන  Meta සමගමේ ආදායම පහත වැටීම නිසා වියදම අඩුකර ගැනීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මේ පිළිබඳව මාර්ක් සකර්බර්ග් විසින් සැප්තැම්බර් අග දී සේවකයින්ට දන්වා සිටිය බවත් ඒ අනුව  සමාගමේ සේවකයන් 10% කට පමණ මෙම රැකියා කප්පාදුව  බලපානු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිට පෙර Elon Musk විසින් තම සමාගමේ රැකියා කප්පාදුව සිදු කර තිබු අතර ඒ අනුව සේවකයන් විශාල ප්‍රමාණයකට රැකියා අහිමිවී ගොස් තිබුනා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now