ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඉතිහාසයේ අසීරුතම තීරණයක් ගනී...
                                    
                    Facebook
                
                                                
                    WhatsApp
                
                                                
                    Sri Lanka Social Media
                
                                                
                    Instagram
                
                                                
                    Meta
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලාවන් හි හිමිකාරිත්වය දරනු ලබන Meta සමගම සිය ශ්‍රම බලකායෙන් 13% ක් ප්‍රමාණයක් කපා හැරීමට තීරණය කර ඇති බව ඊයේ නිවේදනය කර සිටියා.
ලොව සුප්‍රකට සමාජ මාධ්‍ය ජාලා සමාගම සිය ඉතිහාසයේ පළමු වරට මෙතරම් විශාල සේවක සංඛ්‍යාවක් රැකියාවන් අත්හිටුවීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
87,000කට ආසන්න සේවක සංඛ්‍යාවක් සහිත Meta සමාගම මෙම සේවක කප්පාදුව සමග රැකියා 11,000ක් අහිමි කිරීමට නියමිත බවයි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් නිවේදනයක් නිකුත් කර ඇත්තේ.
මාර්ක් සකර්බර්ග් සඳහන් කර සිටින ආකාරයට සිය සමාගමේ ඉතිහාසයට අනුව ගනු ලැබූ අසීරුතම සහ දුෂ්කරතම තීරණය මෙය බව සඳහන් කර සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |