සෙක්ස් කරන්න කැමතිනම් 3,000 ක් අරගෙන එන්න...නිරුවත් පින්තූර කිහිපයක් ලීක් කරයි..17 හැවිරිදි තරුණියගේ ඉල්ලීම.

Sri Lanka Sri Lanka Social Media
By Aruna Nov 14, 2022 12:44 AM GMT
Report

17 හැවිරිදි තරුණියකගේ මුහුණුපොතේ ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන තරුණියක් ලෙස සමාජගත කළ පුද්ගලයෙකුට එරෙහිව ලද පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව බණ්ඩාරගම පොලීසිය පවසනවා.

මීට දින කිහිපයකට ඉහතදී තම දුරකථනය අලුත් වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ පදිංචි දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයෙකුට ලබාදුන් බවත් පැය කිහිපයකින් පසු ඔහු එය අලුත්වැඩියා කර තමන් වෙත ලබා දුන් බවත් එම තරුණිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී තමන්ගේ මුහුණුපොතේ ගිණුම හා විද්‍යුත් තැපැල් ලිපිනය ජංගම දුරකථයෙන් ඉවත්ව ගොස් තිබූ එහෙයින් නැවත එම පුද්ගලයාට පවසා මුහුණුපොතට නව ගිණුමක් මෙන්ම විද්‍යුත් තැපැල් ලිපිනයක් ද සක්‍රීය කර ගත් බවට අදාළ තරුණිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

දින කීපයකට පසු ඇය මුදලට අලෙවි වන තරුණියක් බව පවසා මුහුණුපොතේ දැන්වීමක් පළ කර ඇති බව යහලුවන්ගේ මාර්ගයෙන් දැනගෙන ඇත.

“සෙක්ස් කරන්න කැමතිනම් 3,000 ක් අරගෙන එන්න – මම බණ්ඩාරගම” යනුවෙන් සඳහන් කර වෙනත් තරුණියන්ගේ නිරුවත් පින්තූර කිහිපයක් ද ඇගේ මුහුණුපොත හරහා සමාජගත කර තිබේ.

එම වැකිය සහ නිරුවත් ඡායාරූප ද ඇය ජංගම දුරකථනය හරහා ලබාගත් ඡායාරූප සියල්ල ද අදාළ තරුණිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

අදාළ වැකිය හා ඡායාරූප දැකීමෙන් කම්පනයට පත් තරුණිය පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ හමුවට ගොස් සිය චරිතයට හානි කළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරදෙන මෙන් හඬා වැටෙමින් ආයාචනා කර ඇත.

ඒ අනුව බණ්ඩාරගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක අනූෂා හේමමාලි මහත්මිය ඒ සම්බන්ධයෙන් තරුණියගෙන් තොරතුරු විමසා ඇගේ ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීමට ලබා දුන් 20 හැවිරිදි විවාහක පුද්ගලයා පොලීසියට කැඳවා තිබේ.

පසුව ඔහුගෙන් විමසීමේ දී පවසා ඇත්තේ අදාළ තරුණියගේ සහ තම ඥාතීන් අතර ඇති ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙවැනි දෙයක් සිදුකළ බවය.

ඒ අනුව කෝඩින් හැක් කර අදාළ ගිණුම ලබාගෙන තමන් එවැනි නුසුදුසු පෝස්ට් මුහුණුපොත හරහා ප්‍රසිද්ධ කළ බවට අදාළ තරුණයා පිළිගෙන ඇත.

ඒ අනුව තරුණිය සිදුකළ පැමිණිල්ල සහ ජංගම දුරකථන අලුත්වැඩියා කරන්නාගේ ප්‍රකාශ සහිතව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පරීක්ෂණ කටයුතු යොමුකළ බව බණ්ඩාරගම පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now