Facebook සාදයකට ගිය 30ක් කරපු අමුතු වැඩකින් මාට්ටු වුණු හැටි මෙන්න.

Sri Lanka Police Facebook Sri Lanka
By Aruna Dec 18, 2022 04:29 AM GMT
Report

බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක ෆේස් බුක් සාදයක් පැවැත්වූ බව කියන 30 දෙදෙනකු අයිස් සමඟ අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසනවා.

සැකකරුවන් බාරයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 600ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය පවසයි.

අඩංගුවට ගත් සැකකරුවන් මෝදර, මට්ටක්කුලිය, වත්තල, නාරහෙන්පිට, මාලිගාවත්ත, වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් අද (18) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now