හෙට සිට Facebook අලුත් වෙයි..ෆේස්බුක් වල නව පෙරළික්..

Facebook Informatics Institute of Technology Sri Lanka Sri Lanka Social Media Smart Phones Meta
By Aruna May 25, 2023 07:42 AM GMT
Report

Facebook යනු ලොව ප්‍රමුඛතම E-Platform එකක් ලෙස අවිවාධිතය.

ලොව සමාජජාලා යුගයේ ස්වර්ණමය පරිච්ඡේදය තමන් නතුකරගන්නට එය සමත්විය.

සරලව මිනිස් සබඳතා සදහා e සංස්කරණයකින් ඇරඹි එය අද වන විට ව්‍යාපාරික, සමාජ, මෙන්ම දේශපාලණික මධ්‍ය ලක්ෂයක් ලෙසට ඉදිරියට ගමන් කරමින් සිටී.

පසුගිය කාලයේ එය තම සරල Text, Image හා Video යුගය පසුකරන බව සටහන් කරමින් "metaverse" නිවේදනය කලේය.

එහි ප්‍රාථමික හඳුන්වාදීම්ද කරන ලදී. අද වන විට Facebook තම artifical intelligence models කරා යමින් සිටී.

ඔවුන් නිවේදනය කරන්නේ තමන්ගේ AI ව්‍යාපෘති සදහා custom silicon chip සූදානම් කරමින් සිටින බවයි.

එලබෙන AI යුගයේදීද තම ප්‍රමුඛතාවය තහවුරු කරගන්නට අවශ්‍ය වන AI models සක්‍රීයකරවන්නට සමත් Meta Training and Inference Accelerator (MTIA) වැනි ව්‍යාපෘති සදහා සූදානම් වෙමින් සිටී.

එහි ප්‍රකාශකයෙකු පවසන්නේ, තමන් ඉදිකරමින් සිටින AI-optimized data center තුලදී හෙට දවසට නිමවන AI මිත්‍ර Facebook සංස්කරණය කඩිනමින් නිමවන්නට නියමිත බවකි.

ඔහු පැහැදිලි කර සිටින්නේ ඊට අමතරව නිමවන AI supercomputers ඔස්සේ power augmented reality tools මෙන්ම real-time translation technology. වැනි වයාපෘති රාශියක් බවයි.

Pubudu Siriwansa


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now