Facebook ගිණුම් වලට හදිසියේම කරන දේ මෙන්න..ඔබත් අවධානයෙන්..

Facebook Sri Lanka Social Media China Meta
By Aruna Dec 02, 2023 12:28 AM GMT
Report

Meta සමාගම විසින් මෑතකදී චීනය පදනම් කරගත් ව්‍යාජ සහ නොමග යවන ගිණුම් දහස් ගණනක ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කර තිබෙන බව වාර්තා වනවා.

Facebook ගිණුම් වලට හදිසියේම කරන දේ මෙන්න..ඔබත් අවධානයෙන්.. | Facebook Meta Risk

සමාගම වැඩිදුරටත් පවසන්ගේ, ව්‍යාජ ගිණුම්වලට හිමිකම් කියන චීන පරිශීලකයින් අමෙරිකානුවන් ලෙස පෙනී සිටි අතර එක්සත් ජනපද දේශපාලනය සහ එක්සත් ජනපද-චීන ​​සබඳතා පිළිබඳ ව්‍යාජ අන්තර්ගතයන් පැතිරවීමට උත්සාහ කරන බවයි.

එමෙන්ම එම ගිණුම් මගින් ගබ්සාව, යුද ගැටලු සහ යුක්‍රේනය සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් හුවමාරු කරගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Meta සමාගම විසින් පැතිකඩ චීනයේ රාජ්‍ය නිලධාරීන්ගේ ගිණුම් අක්‍රිය කිරීමට කටයුතු කර නොමැති බව ද සදහන් වේ.

Meta සමාගම පවසන්නේ, රුසියාව සහ ඉරානයට පිටුපසින් චීනය දැන් එවැනි ජාල වල තුන්වන විශාලතම භූගෝලීය මූලාශ්‍රය බවයි.

Facebook ගිණුම් වලට හදිසියේම කරන දේ මෙන්න..ඔබත් අවධානයෙන්.. | Facebook Meta Risk

ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, චීනය පදනම් කරගත් ගිණුම් 4,700 කට වඩා වැඩි ගිණුම් සංඛ්‍යාවක් මෙලෙස ඉවත් කර ඇති බවයි.