අරගලයකදී ආරක්ෂිතව Live විකාශයක් දෙන්නේ කොහොමද?
Facebook Live කියන්නේ යම් සිදුවීමක් ගැන තොරතුරු share කළ හැකි එහෙමත් නැත්නම් සන්නිවේදනය කළ හැකි බලගතුම ක්‍රමවේදයක්. එය මේ දිනවල ලංකවේ අරගල වලදී භාවිතා වන ප්‍රබල අවියක්. හැබැයි ඔබ Facebook Live Video එකක් දෙනවා නම් ඉන් සිදු වන හිතකර සහ අහිතකර බලපෑම් ගැනත් ටිකක් හිතන්න වෙනවා.
මොකද යම් අවස්ථාවකදී පොලීසිය, ආරක්ෂක අංශ හෝ වෙනත් ආකම්රණිකයන්ගෙන් ප්‍රහාරයක් එල්ල වීමට හෝ වෙඩි තැබීමකට ලක් විය හැකියි. ඒ නිසා අවට වටපිටාව ගැන නිතරන්තර අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම Live විකාශයක් සිදුවීමක් අනතර්ජාලයේ ප්‍රචාරය කිරීමෙන් පසුව ඔබට බියගැන්වීම් සහ තර්ජන වලට ද මුහුණදීමට සිදු වේවි. එවැනි අවදානම් තත්වයකදී නීතිඥයන්ගෙන්, සමාජ ක්රියාකරිකයන්ගෙන් සහ රාජ්‍ය නොවන සංවිධාන වලින් සහය ඉල්ලගන්න.
Facebook Live එකක් එහෙමත් නැත්නම් Live විකාශයක් උපකාර විය හැකි අවස්ථා
? උද්ඝෝෂණය පිළිබඳ පොලිසියේ, ආරක්ෂක අංශයේ හා රජයේ ක්රියාපටියට එරෙහිව යාමට හෝ උද්ඝෝෂණය ගැන මාධ්‍ය ආවරණය ලබාදීම.
? Live විකාශය නරඹන ප්‍රේක්ෂකයින්ට අවශ්‍ය නම් එම අවස්ථාවේ දීම ක්‍රියාමාර්ග ගත හැකිවීම. එමඟින් විරෝධතාකරුවන්ට දැඩි ආරක්ෂාවක් සැලසෙනවා. (උදාහරණයක් විදිහට කියනවා නම් නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් පිළිබඳ තොරතුරු ප්‍රචාරය කිරීම මගින් එයට වගකිව යුත්තන් ඉලක්ක කරගනිමින් ජනතා පීඩනයක් ගොඩනැගිය හැකියි. )
? හදිස්සියෙවත් ඔබ නිවසට යාමේදී හෝ මහ මඟදී ඔබේ ජංගම දුරකථනය හෝ කැමරාව පැහැරගැනීමට හෝ හානි වීමකට ලක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථා වලදී share වූ video එක අනිත් අයට download කර ගැනීම හෝ save ගැනීමට හැකියාව ලැබෙනවා. එය වාසියි.
Live විකාශය හානිකර විය හැකි අවස්ථා
? සිදුවීමට අදාළ නොවන අයගේ සහ විරෝධතාකරුවන්ගේ මුහුණු, අනන්‍යතාවය හෙළිදරව් වීම.
? Video කරන්නා ඉන්න තැන අවදානමට ලක්වීම. ඔබ ඉන්න තැන ආරක්ෂක අංශ වලට පහසුවෙන් හඳුනාගත හැකිවීම. ඔබ වගේම අන් අයගේ ආරක්ෂවටත් එය තර්ජනයක් විය හැකියි.
? අදාළ Live විකාශය ගැන ඔබේ අදහස් පළ කිරීමෙන් වළකින්න. මොකද එහි පක්ෂක්ග්රාහී බවක් හෝ දේවේශ සහගත බවක් අනෙක් අයට දැනෙන්න පුළුවන්.
ඔබේ ආරක්ෂාව සලසා ගන්න
? ස්මාර්ට් ජංගම දුරකථනයක් / කැමරාවක් තිබීම හේතුවෙන් ඔබ ඉලක්කයක් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ ආරක්ෂිත තැනක සහ ආරක්ෂිත දුරකින් ඉඳන් video කරන්න.
? Live විකාශයකදී, පුද්ගලයින්ගේ අනන්‍යතාව, සිටින ස්ථාන, විරෝධතාකරුවන්ගේ සැලසුම් සහ වෙනත් සංවේදී තොරතුරු හෙළිදරව් වීමට ඉඩකඩ වැඩියි. ඒ නිසා පවතින ආරක්ෂිත තත්වය පිළිබඳ ඇගයීමක් කරන්න.
? Live විකාශය අතරතුර voice cut එකක් ගන්නවා නම් ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත විමසන්න. අවශ්‍ය නම් ඔවුන්ගේ මුහුණ වෙනුවට පිටුපස සිට video කරන්න. නැත්නම් ඔවුන්ගේ මුහුණ බොඳ කරන්න වගේ item එකක් දාන්න.
? ඔබේ දුරකථනයට ශක්තිමක් security එකක් දාන්න. කාටවත් open කරන්න බැරි වෙන්න. fingerprint නම් වඩාත් සුදුසුයි.
? විරෝධතාකරුවන් වෙනුවෙන් නීතිඥ සහාය සහ විශ්වාසවන්ත මිතුරෙකු ළඟ තොරතුරු ගබඩා කර සූදානම් කර තබාගන්න.
? දුරකථනයේ දත්ත ගබඩාව හැකිතාක් හිස්ව තබන්න.
? Data සහ Internet සබඳතාව ගැන විමසිලිමත් වන්න. ඔබට හැකි නම් VPN සහ රෝමින් සිම් පතක් සූදානම් කර ගන්න.
තොරතුරු රූගත කරන්න
? අදාළ සිදුවීම කුමක්ද කියා වටහා ගැනීමට විවිධ මට්ටමේ රූපරාමු රූගත කරන්න. කැමරාව වටේටම විහිදුවන්න.
? ඔබ උද්ඝෝෂණයකට සහභාගිවී සිටී නම් ඊට සහභාගී වී සිටින පිරිසගේ විශාලත්වය සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ video කරන්න.
? ආරක්ෂිත නම් පමණක් පොලිසියේ, ආරක්ෂක අංශ සමාජිකයින්ගේ නිල ලාංඡන, වාහන අංක තහඩු, අවි ආයුධ, ඉහළ පොලිස් නිලධාරීන් නියෝග දෙන අන්දම ආදිය video කරන්න.
ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය න් රූගත කරන විට, ඔබ නිවේදකයෙකු ලෙස සිතන්න. ඔබේ කටහඬ උපයෝගී කරගනිමින් සිදුවනුයේ කුමක්දැයි විස්තර කරන්න. සිදුවූයේ කුමක්දැයි සත්‍ය තොරතුරු හා විස්තර මගින් පහදා දෙන්න. Live විකාශයට අලුතින් එක්වන ප්‍රේක්ෂකයින්ට ප්‍රධාන තොරතුරු, එහෙමත් නැත්නම් කලින් තොරතුරු නැවත පවසන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |