සමාජ මාධ්‍යය භාවිතයේ දී ප්‍රවේසම්වන්න..! මුහුනු පොතෙන් හමු වූ කාන්තාව තිදරු පියාට සහ මිතුරාට පානයක් ලබාදී සිදුකල දේ
කලක් දකුණු කොරියාවේ රැකියාව කර පසුව මෙරටට පැමිණ වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මාතර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි තිදරු පියෙකු ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මිතුරු වී තරුණ කාන්තාවකට රැවටී අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ පුවතක් වාර්තා වනවා.
සිය මිතුරෙකු වූ විජිත නම් පුද්ගලයෙක් සහ ෆේස්බුක් හරහා මීට දින 4කට පෙර හඳුනාගත් කාන්තාවක් සමග ඔහු විජිතට අයත් මෝටර් රථයෙන් ඊයේ (10) තිස්සමහාරාම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ තිබුණි. පසුව තිස්මහාරාම, තිස්සවැය ආසන්නයේ ලැගුම් හලක නවාතැන් ගෙන තිබේ. එහිදී අදාළ කාන්තාව විසින් ඔහුන් දෙදෙනාට යම් පානයක් ලබාදී ප්‍රසාද් නම් ව්‍යාපාරිකයා සතුව තිබූ රුපියල් 2,751,000ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් ඇත.
සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පැමිණිළි කර තිබෙන අතර පොලීසිය සැකකාරිය සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ව්‍යාපාරික ප්‍රසාද් නම් තිදරු පියා පොලීසියට පවසා තිබුණේ,කාමර දෙකක් ලබාගෙන එක් කාමරයක ඔහු සහ අදාළ කාන්තාවත් අනෙක් කාමරයේ මිතුරා වූ විජිත ත් නතරවී සිටි බවය.
එදින සවස් කාලයේ මිතුරන් දෙදෙනා මත්පැන් පානය කිරීමට සූදානම් වී සිටියදී අදාළ කාන්තාව විසින් ඒ සඳහා පැණිබීම පානයක් සකස් කර දී ඇත. මිතුරාත් ඔහුත් එය එක්වරක් පානය කර ඇති අතර පසුව පපුවේ වේදනාවක් සමග ශරීරය අප්‍රාණික වූ බව ප්‍රසාද් විසින් සිද්ධිය පැහැදිලි කරමින් පොලීසියට පවසා තිබුණි.
ඒ අනුව ඔහුන්ට සිහිමුර්ජාවීමෙන් පසු සැකකාර කාන්තාව විසින් ව්‍යාපාරිකයා සතුව තිබූ පවුම් 10ක් බරැති රන් මාලයක්, පවුම් 4ක් බරැති අත්පළඳනාවක්, පවුමක් බරැති මුදුවක් සහ රුපියල් 28,000ක මුදලක් සොරාගෙන ඔවුන් පැමිණි මොටර් රථයෙන්ම පළාගොස් ඇත.
සවස 4ට පමණ එම සිද්ධිය සිදුවී ඇති අතර රාත්‍රී 7.30ට පමණ යළිත් අවදි වී ඇති ව්‍යාපාරිකයා තමා සතුව තිබූ රන් භාණ්ඩ නොමැති බවට දැනගෙන තිබේ.
මිතුරාද එක් පසෙක වැටී සිටී ඇති අතර පසුව මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනවලදී තිස්සවැව ආසන්නයේ ස්ථානයක දමාගොස් තිබියදී මෝටර් රථය සොයාගෙන තිබුණි. සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා තිස්සමහාරාම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |