තව මාස 06කින් Facebook එකෙන් අවසන් ගමන් යන දේ මෙන්න.. Tik Tok නිසා වෙච්ච දෙයක්..

Facebook Sri Lanka Social Media TikTok
By Aruna Oct 31, 2022 04:50 AM GMT
Report

Meta සමාගම විසින් පසුගියදා Instant Articles සඳහා සහාය දැක්වීම 2023 වසරේ අප්‍රේල් මස සිට නවත්වන බව සියලුම Instant Article publishersලාට දැනුම්දී තිබෙනවා.

ඉන් පසුව publishersලාට විකල්ප මාර්ග සොයා ගැනීමට මාස 6ක කාලයක් ලබාදෙන අතර instant articles වෙත තිබූ user traffic එක ස්වයංක්‍රියවම අදාළ publisherගේ web අඩවිය වෙත යැවෙන බව ඔවුන් තවදුරටත් සඳහන් කර තිබෙනවා.

Facebook instant articles කියන්නේ, 2015 හඳුන්වා දුන් ජංගම දුරකථනවල ඉතා ඉක්මනින් load කිරීමට හැකි Facebook විසින්ම සපයන HTML ලේඛනවලට.

Facebook මෙය එළිදක්වන විට, කියා සිටියේ instant articles සම්මත ජංගම වෙබ් අඩවියට වඩා 4 ගුණයක වේගයෙන් load වී දර්ශනය වන බව.

2015දී විදේශ රටවල ප්‍රවෘත්ති ප්‍රකාශකයන්ට මෙය ඉතා යෝග්‍ය වූ අතර පසු කලකදී ජනයාගේ මූලිකම ප්‍රවෘත්ති දැනගැනීමේ app එක බවට පත් වීමටද Facebook සමාගමට (දැන් meta) මේ තුළින් හැකි වූවා.

මේ හේතුවෙන් පුවත් ප්‍රකාශක වෙබ් අඩවි හැ‍ර අනෙකුත් කාණ්ඩයේ වෙබ් අඩවි රාශියක්ද ඍජුවම වෙබ් අඩවි වෙත තම ලිපි පළ නොකර Facebook servers තුළ ඇති instant articles සේවාවට පළ කිරීමට උනන්දු වුණා.

මේ හේතුවෙන් වඩාත් ජනප්‍රිය වූ මෙය Facebook සමාගම විසින් මේ තුළට ads යොමුකර ප්‍රකාශකයන්ට යම්කිසි මුදලක් ඉපැයීමට හැකි වන සේද මේ instant article සේවාව යාවත්කාලීන කරනු ලැබුවා.

මේ තුළින් publishersලාට තමන් කැමති ads හෝ Facebook audience network එක තුළින් ස්වයංක්‍රීයවම මේ සඳහා ads පළ කරවීමට හැකි වුණා.

නමුත් මෙය Facebook සඳහා ව්‍යාපාරික වශයෙන් නොගැළපෙනවා.

මන්දයත් මේ instant articlesවල news articlesවලට බොහෝ දෙනා ඒ සඳහා නොගැළපෙන ආකාරයේ දැන්වීම් පළ කිරීමට කටයුතු කරන බව meta සමාගමේ ප්‍රකාශකයකු විදෙස් වෙබ් අඩවියකට පවසා තිබුණා.

නමුත් meta සමාගම මේ වසරේ මුලදී පැවැසූ පරිදි, ව්‍යාපාරයක් ලෙස පරිශීලකයන් සමඟ අකැමැති ක්‍ෂේත්‍රවල වැඩිපුර ආයෝජනය කිරීම අර්ථවත් නොවන නිසා ඔවුන් මේ තීරණය ගත් බව පවසා සිටියා.

සමාජ මාධ්‍ය අතරේ ලිපි අභි භවා TikTok වැනි platforms තුළ short videos එක්වරම ජනප්‍රිය වීමෙන් මේ Facebook instant articles සඳහා ලොකු පහරක් එල්ලවූ අතර 2016 ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් පසු වැරදි තොරතුරු සහ හානිකර දේශපාලන අන්තර්ගතයන් රැල්ලක් අවුළුවාලීම සඳහා ක්‍රියාකාරීන්ගේ සහ විද්වතුන්ගේ විවේචන වසර ගණනාවකට පසු එහි instant articles තුළ සහය දැක්වීම අඩු සහ අඩු උනන්දුවක් දැක්වීමෙන්ද මේ instant articles වෙත තදබල පහරක් වැදුණා.

2018 මුල් භාගය වන විට, Columbia Journalism Review එකකට අනුව, වසර තුනකට පෙර Facebook Instant Articles සමඟ මුල් හවුල්කරුවන් ලෙස ලැයිස්තුගත කර ඇති ප්‍රකාශනවලින් හරි අඩකට වඩා මෙම Instant articles දැනටමත් අත්හැර දමා තිබෙනවා.

Instant articles හ¾දුන්වා දුන් දින සිටම Facebook සමඟ සිටි බොහෝ ප්‍රකාශනවල ප්‍රධාන article platform එක Facebook instant articles වීමට පෙර ඔවුන්ට අසාධාරණයක් නොවන පරිදි meta සමාගම විසින් මේ තීරණය ගෙන තිබෙනවා.

බලයලත් පුවත් අඩවි වෙනත් publishing methods සඳහා instant articles අත්හැරීමත් සමඟ වෙනත්, අඩු පිළිගත් වෙබ් අඩවි මෙහි හිඩැස් පිරවීම සඳහා ඉක්මනින් මේ සඳහා යොමු වුණා.

2018 BuzzFeed වෙබ් අඩවියේ ප්‍රවෘත්ති විමර්ශනයකින් Facebook pages 29ක් සහ ඒ ආශ්‍රිත වෙබ් අඩවි අමූලික අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීමට instant articles භාවිත කළ බව තහවුරු වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now