මේ සතිය තුළ සමාජ මාධ්‍ය දැවැන්තයා Facebook තුළ සිදුවන සුවිශේෂී වෙනස - Instagram නව වසරට වෙනස් වෙයි..

Facebook WhatsApp Sri Lanka Social Media Instagram Meta
By Sewvandhi Dec 07, 2023 11:35 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, Meta සමාගම විසින් Facebook සහ Instagram හි පණිවුඩ සම්පූර්ණයෙන්ම සංකේතනය කිරීම (Encrypted) නොහොත් පණිවුඩ සම්පුර්ණයෙන්ම සුරක්ෂිත කිරීම ආරම්භ කරන බවයි.

එනම්, මෙම සතියේ සමාජ මාධ්‍ය දැවැන්තයා වන Facebookහි පරිශීලකයන්ගේ පණිවුඩවල end-to-end encryption අංගය ස්වයංක්‍රියව ආරම්භ වී ඇති අතර ඉදිරි සති කිහිපය තුළ සියලුදෙනාට එම වෙනස ලබා ගත හැකි බවයි සඳහන් වන්නේ.

Instagram හි සෘජු පණිවුඩවලටත් (Direct Messeges) end-to-end encryption අංගය ලබන අවුරුද්දේ සිට ලබා ගත හැකි බව සඳහන්. end-to-end encryption සේවාව මගින් Facebook, Instagram පරිශීලකයින්ට සංකේතනය කිරීමේ විශේෂාංගය මගින් පණිවුඩයක් යවන්නාට සහ එය ලබන්නන්ට පමණක් කියවීමට ඉඩ සලසනවා.

 විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, Meta සමාගම WhatsApp යෙදුමට දැනටමත් end-to-end encryption අංගය හඳුන්වා දී ඇති බවයි.