ෆේස්බුක් වල නව අත්දැකීම් රැසක්..සකර්බර්ග් හදිසියේම තීරණයක් ගනී..
Facebook
Sri Lanka Social Media
By Aruna
ෆේස්බුක් සමාගමේ නුදුරේදීම මීළඟ සේවක කප්පාදුව සිදුකිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
මෙටා සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ගේ විශේෂ සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව ෆේස්බුක් සමාගමේ සේවක කප්පාදුවක් මෙවර සිදුවන්නේ තුන්වන වරට වීමත් විශේෂත්වයක්.
මීට පෙර දෙවතාවක් එහි සේවක කප්පාදුවක් සිදුවූ අතර එමගින් ලොව පුරා සේවකයින් 21,000ක් පමණ සේවයෙන් ඉවත් කෙරුණි.
මෙවර සේවක කප්පාදුව මැයි මාසයේ සිදුවන බව අදාළ සටහන මගින් මාර්ක් සකර්බර්ග් පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ඒ හරහා දක්ෂයින් පමණක් ෆේස්බුක් සේවයට ඉතිරිවනු ඇති බවය.
මේ අතර නුදුරේදීම ෆේස්බුක් වෙත නව අත්දැකීම් රැසක් එක්කරන බවද ඔහු අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |