ෆේස්බුක් සමාජ මාධ්‍ය ගැන මෙරට ජනතාවට දැනුම් දීමක්..

Sri Lanka Facebook Social media
By Aruna Apr 04, 2022 04:38 AM GMT
Report

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ඒවායෙහි ආචාර ධර්ම පද්ධති උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන අවස්ථාවලදී රට තුළ සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට හැකි බව තාක්ෂණ අමාත්‍යංශය පවසනවා.

සමාජ මාධ්‍ය නිර්මාණය කර ඇත්තේ සමාජය තුළ පුද්ගල සම්බන්ධතා වර්ධනය කර ගැනීම වැනි අරමුණු පදනම් කර ගනිමින්.

එහෙත් සමාජ මාධ්‍ය ජාලවල ආචාර ධර්ම පද්ධතියට හා එහි මූලධර්මවලට හානි වන පරිදි ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රවර්ධනය සඳහා සමාජ මාධ්‍ය භාවිත කිරීම අනුමත කළ නොහැකි බව ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය පද්ධති මගින් මෙරටට දැනුම් දී ඇති බවයි තාක්ෂණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා අවධාරණය කළේ.

රට තුළ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය සමාගම් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නේ නම්, රට තුළ සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන් අත්හිටුවිය හැකි බවද අදාළ සමාජ මාධ්‍ය පද්ධති මගින් තාක්ෂණ අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර රට තුළ පවතින තත්ත්වය සහ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙටා වැනි සමාගම් තාක්ෂණ අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඇති බවයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now