ෆේස්බුක් වලට ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ දේ මෙන්න..

Facebook YouTube Social media Technology Tik tok New media
By Aruna Feb 04, 2022 07:06 AM GMT
Report

ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් හි සක්‍රිය පරිශීලකයන් සංඛ්‍යාව එහි වසර 18 ක ඉතිහාසයේ ප්‍රථම වරට අඩු වී තිබෙනවා.

එහි මව් සමාගම වන මෙටා නෙට්වර්ක්ස් සඳහන් කළේ, පසුගිය දෙසැම්බරයෙන් අවසන් වූ කාර්තුව තුළ සක්‍රිය පරිශීලක සංඛ්‍යාව පෙර කාර්තුවේ පැවති කෝටි 193 සිට කෝටි 192.09 දක්වා පහත වැටී අති බවයි.

ටික්ටොක් සහ යූ ටියුබ් වැනි ප්‍රතිවාදී සමාජ මාධ්‍ය වෙතින් එල්ල වන තරගය සහ සමාගම් විසින් පළ කරන දැන්වීම් අඩුවීම ද ෆේස්බුක්හි ආදායම් පහත වැටීමට හේතුවක්.

මේ නිසා ෆේස්බුක් මව් සමාගම වන මෙටා හි ඩොලර් බිලියන 200ක කොටස් වෙළඳපොල වත්කම් අහිමි වුණා.

එමෙන්ම ෆේස්බුක් නිර්මාතෘ 37 හැවිරිදි මාක් සකබර්ග්ගේ වත්කම ද එක්දිනක් තුළ ඩොලර් බිලියන 31කින් පහත වැටී ඇති අතර, ඔහු 2015 වසරෙන් පසු ප්‍රථම වරට ලොව ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයේ පළමු දස දෙනා අතරින් ඉවතට ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now