Facebook ගිණුම් හිමියන්ට දැඩි අනතුරු ඇඟවීමක් - ඉදිරි දින කිහිපයේ ගිණුම පරිහරණය කරන්නේ බලාගෙනයි..!

Facebook Sri Lanka Social Media Meta
By Sewvandhi Oct 12, 2022 01:58 PM GMT
Report

මේ මොහොත වන විට ෆේස්බුක්, එසේත් නැතිනම් "මෙටා" පරිශීලකයින්ගේ අනුගාමීකයින් (followers) සංඛ්‍යාව නොසිතූ ලෙස පහත වැටීමක් පෙන්නුම් කරනවා. අනුගාමීකයින් ගණනාවක් සිටින ජනප්‍රිය පුද්ගලයින්ගේ මෙන්ම, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙ මිලියන 100කට වැඩි අනුගාමීකයින් (followers) ගණන ද 9,993කට පහත වැටී තිබීමත් විශේෂත්වයක්.

මෙසේ ෆේස්බුක් අනුගාමීකයින් ගණන ක්‍රමයෙන් කප්පාදු කිරීම ගැන පරීශීලකයින් කනස්සල්ලෙන් පසුවන අතර, මෙය ෆේස්බුක් ගිණුම් සඳහා යම් අනතුරු ඇඟවීමක් බවට ද තොරතුරු හුවමාරු වනවා. කෙසේ වෙතත්, මෙය සිදු කරනු ලැබුවේ, ජනප්‍රිය යැයි සැළකෙන බොහෝ දෙනාගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සහ බොට් ගිණුම් ඉවත් කිරීමට බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නෙ.

මේ අතර, ජනප්‍රිය ගායකයෙක් මෙන්ම සමාජ මාධ්‍ය තුළ සක්‍රීය චරිතයක් වන සජීව දිසානායක ද මේ සම්බන්ධයෙන් වන සටහනක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා. ටිකක් ලොකු Follwer base එකක් හිටපු profile එකක් නම් ඔයාට තිබුණෙ, අද උදේ බලද්දි ඒ followers ලා ගාණ 9000කට වගේ බැහල ඇති.

Pages වල දැනට අවුලක් නෑ වැඩිය හිතන්න එපා මේ ටිකේ Meta එකේ තියෙන bugs ගොන්න අතරෙ ඕක පොඩි එකක්. දවස් කීපයකට කලින් කිව්ව වගේම මේ කාලෙ පොඩ්ඩක් පරිස්සමෙන් තමන්ගෙ profile, pages පාවිච්චි කරන්න. නැති වුණොත් ගන්න අමාරුයි. මොකද ProbSupport Center එක දුවන්නෙත් outsourced company එකක්. එයාල අපිට එවන්නෙත් help center article search කරල.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now