2023 වසරට පාසල් නිල ඇඳුම් සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
2023 වර්ෂයට වන පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් කොටසක් ලබා දීමට චීන රජය එකඟ වී තිබෙන අතර ඒ ශ්‍රී ලංකා රජය මහජන චීන සමූහාණ්ඩුවෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.
එම ප්‍රධානයට අතිරේකව අවශ්‍ය කරන ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය රෙදි පිළි නිෂ්පාදකයන්ගෙන් මිල දී ගැනීමට රජය අදහස් කරන තිබෙන අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අද(23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ ය.
2023 වසර සඳහා වන පාසල් නිල ඇඳුම් 2022 අධ්‍යන වර්ෂයේ පාසල් වාරය අවසන් වීමට ප්‍රථමව ලබා දිය යුතුව තිබේ.
කෙසේවෙතත් 2024 වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබා දෙනවා වෙනුවට නිල ඇඳුම් මිල දී ගැනීම සඳහා වව්චර් පත්‍රයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |