වසර 7කට පසු පළමු වරට සීනි අපනයනය තහනම් කෙරේ.

India World
By Wayomi Aug 24, 2023 08:56 AM GMT
Report

වසර හතකට පසු ප්‍රථම වරට නැව්ගත කිරීම නවතා, ඔක්තෝම්බර් මාසයේ සිට මීළඟ කන්නයේ දී සීනි අපනයනය කිරීම තහනම් කිරීමට ඉන්දියාව සූදානම් වන බව එරට රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, වර්ෂාපතනය නොමැතිකම නිසා උක් අස්වැන්න අඩු වීම හේතුවෙන්.

ලෝක වෙළඳපොලෙන් ඉන්දියාව ඉවත්වීම හේතුවෙන්, නිව් යෝර්ක් සහ ලන්ඩන් හි මිල දර්ශකයන් වැඩි කිරීමට ඉඩ ඇති අතර දැනටමත් ලෝක වෙළඳපොළ තුළ උද්ධමනය සම්බන්ධයෙන් බියක් ඇති තිබෙන බවයි වාර්තා වන්නේ.