ජපාන අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ උත්සවයක් අතරතුර පිපිරිමක්.. (VIDEO)
Japan
By krishani
ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida සහභාගී වී සිටි ප්‍රසිද්ධ උත්සවයක් අතරතුර දී දුම් බෝම්බයක් පිපිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය .
එම අවස්ථාවේ දී ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂකයින් විසින් ආරක්ෂිතව ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
පුද්ගලයෙකු විසින් එම උත්සවය පැවැත්වෙන ස්ථානයට දුම් බෝම්බය විසි කර ඇත.ඔහුව අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇති අතර එයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේවෙතත්, එම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.
විඩියෝ දර්ශන - NHK WORLD - JAPAN Y- Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |