රාජ්‍ය නිළධාරින් පිරිසකට පිස්තෝල.

Sri Lanka Government Of Sri Lanka
By krishani Jun 17, 2023 07:57 AM GMT
Report

ඉදිරියේ දී සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාවට මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118 ක් මිල දී ගැනීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

නාවික හමුදාවේ සහය ඇතිව මෙම පිස්තෝල මිල දී ගැනීමට කටයුතු කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පැවසීය.

එමෙන්ම නිලධාරින්ගේ ආරක්ෂාව සනාථ කර ගැනීමට කාලනුරූපීව ගිනි අවි භාවිත කිරීම අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.