හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Bribery Commission Sri Lanka Sinhala news Breaking News Wasantha Karannagoda Arrest
By R.rishma Jul 03, 2026 07:36 AM GMT
Report

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද(03) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක නිලධාරියෙකු වශයෙන් බඳවා ගැනීම සහ අනතුරුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව කරන්නාගොඩ මහතා මීට පෙර ද අල්ලස් කොමිසම මඟින් කැඳවා තිබෙනවා.

එහෙත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මීට පෙර අවස්ථාවකදී කොමිසම හමුවේ පෙනී නොසිටි බව සඳහන්. 

මේ අතර යෝෂිත රාජපක්ෂ ද ඉකුත් මාසයේ අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් ක‍ර තිබුණා.

කෙසේ වුවද අද දින මෙසේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම එම විමර්ශනයටම සම්බන්ධද යන්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති බව සඳහන්.