ETF සහ EPF කපා හරීයි?.ඇමතිගෙන් විශේෂ හෙළිදරව්වක්..

Central Bank of Sri Lanka Sri Lanka
By Aruna Jun 27, 2023 12:52 AM GMT
Report

දේශීය ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාවලියේදී ජනතාවගේ බැංකු තැන්පතුවලට සහ පොලී අනුපාතවලට කිසිදු බලපෑමක් සිදු නොවන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහතික වී තිබේ. රජය සිය දේශීය ණය ප්‍රශස්ත කිරීමේ සැලැස්ම මේ සතියේ එළිදැක්වීමට නියමිතය.

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ද හෙට පැවැත්වීමට නියමිතයි. රජය පවසන පරිදි දේශීය ණය ප්‍රශස්ත කිරීමේ සැලැස්ම සෙනසුරාදා සහ ඉරිදා පාර්ලිමේන්තුවේදී සලකා බලනු ඇත.

දේශීය ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාවලියේදී ණය ආපසු ගෙවීම කල් දැමීම, පොලී අඩු කිරීම සහ ගෙවීම් කාලය දීර්ඝ කිරීම වැනි ක්‍රියාමාර්ග සාකච්ඡා කර ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

පුද්ගලික තැන්පතු සහ EPF, ETF සහ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ වැනි සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමවලට අත නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.