වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම ගැන ගත් අලුත්ම තීරණය.
තාවකාලිකව අත්හිටුවා තිබු කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (11) සිට ආරම්භ කර තිබෙනවා.
අදියර කිහිපයක් යටතේ එලෙස අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමටයි එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත්තේ.
පසුගිය 04 වන දා වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ වසා දැමීමට පාලනාධිකාරය විසින් පියවර ගනු ලැබුවේ,විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ සේවයේ යෙදී සිටි නිලධාරියෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය හේතුවෙන්.
අදියර කිහිපයක් යටතේ අද සිට එහි අධ්‍යන කටයුතු ආරම්භ වීම ගැන කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කියා සිටියේ මෙලෙසින්,
"අපිට 5 වෙනිදා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා අපිට සිසුන්ගේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කරන්න වුණා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පාර්ශවයකට පැමිණිල්ලක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්, අඟහරුවාදා දිනයේ 9 - 11 දක්වා ඒ වෙලාවේ කමිටුවට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. අද අදියර කිහිපයකින් විද්‍යාර්ථයින් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කරනවා කියලා විද්‍යා පීඨය, පරිගණක හා තාක්ෂණ පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුන්ට ආරම්භ කරනවා අද. සමාජීය විද්‍යා පීඨය හා මානව ශාස්ත්‍ර පීඨය 18 වෙනිදා පටන් ගන්නවා."