හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු දිවි නසාගනියි
Hambantota
Sri Lanka Politician
Death
Sinhala news
Breaking News
By R.rishma
හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළදී ඔහු මියගොස් සිටියදී සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
මියයන විට එරාජ් ප්‍රනාන්දු මහතා 57 වන වියේ පසුවිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් තරග කළ ඒ මහතා 2014 වසරේදී හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත්විය.
අනතුරුව 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහායද ඇතිව දෙවැනි වරටත් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.