මොකක්ද මේ එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තුවේ කතාව.(PHOTOS)

Auction England World
By Piyumika Jun 27, 2024 03:15 AM GMT
Piyumika

Piyumika

in ලෝකය
Report

1956 දී එල්විස් ප්‍රෙස්ලිගේ මංගල ඇල්බමයේ ඔහු පැළඳ සිටි “Blue Suede Shoes” වෙන්දේසි කිරීමට නියමිතව තිබෙන බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

විදුලිසැර වැදීමෙන් 20හැවිරිදි තරුණයන් දෙදෙනෙකුට බරපතලයි ..

විදුලිසැර වැදීමෙන් 20හැවිරිදි තරුණයන් දෙදෙනෙකුට බරපතලයි ..

විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ බ්‍රිතාන්‍ය වෙන්දේසි ආයතනයක් වන Henry Aldridge and Son ඇස්තමේන්තුගත පවුම් 100,000 සිට පවුම් 120,000 දක්වා එනම් ඩොලර් 126,000 සිට ඩොලර් 152,000 දක්වා මුදලකට මෙම සපත්තු වෙන්දේසි කිරීමට නියමිතව ඇති බවයි.

ඒ අනුව මෙම වෙන්දේසියට එක්වීමෙන් එල්විස් ප්‍රෙස්ලිගේ රසිකයින්ට ඔහුගේ නිල සපත්තු යුගලය අත්පත් කර ගැනීමේ හැකියාව පවතියි.

සැරයන්ට පහර දීලා මදිවට,අත්අඩංගුවට ගත්තොත් සියදිවි නසා ගන්නවයි කියා අයෙක් කොස්ගහක් මුදුනේ විරෝධයක...

සැරයන්ට පහර දීලා මදිවට,අත්අඩංගුවට ගත්තොත් සියදිවි නසා ගන්නවයි කියා අයෙක් කොස්ගහක් මුදුනේ විරෝධයක...

1956 දී “The Steve Allen ප්‍රසංගයේදී “I want You, I Need You, I Love You” සහ “Hound Dog” ගායනා කරන අතරතුර එල්විස් ප්‍රෙස්ලි සපත්තු පැළඳ සිටි බව සඳහන් වේ.

පසුව 1958 දී ඔහුගේ මිතුරා වන Alan Fortas හට එම සපත්තු යුගලය ඔහු ලබාදී තිබේ .

මෙම සපත්තු ප්‍රෙස්ලිගේ සමීප මිතුරෙකු සහ කෞතුකාගාරයේ නිර්මාතෘ ජිමී වෙල්වට් විසින් එල්විස් ප්‍රෙස්ලිගේ බවට තහවුරු කර ඇත .

ඒ අනුව එළඹෙන සිකුරාදා(28) වෙන්දේසිය Henry Aldridge and Son වෙන්දේසි ආයතනයේදී සජීවීව පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනුයේ.

මොකක්ද මේ එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තුවේ කතාව.(PHOTOS) | Elvis Presley S Blue Shoes For Auction

මොකක්ද මේ එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තුවේ කතාව.(PHOTOS) | Elvis Presley S Blue Shoes For Auction