අලි ගනින්න යන අලුත් වැඩපිළිවෙල..
මෙරට අලි සංගණනයක් 2023 දී පැවැත්වීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ ඊයේ (15) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී ය.
එහි දී වනජීවී හා වන සංරක්ෂණය පිලිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්, වන අලි – මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර පැහැදිළි කරන ලෙස ඉල්ලා සිටි බව ඒ මහතා පැවසීය.
වන අලි – මිනිස් ගැටුම වැළැක්වීම සඳහා පියවර ගැනීමේ දී දැනට ශ්‍රී ලංකාවේ සිටින වන අලි ගහණය සම්බන්ධයෙන් ස්ථිර දත්තවල අවශ්‍යතාවයක් පවතින බව අමාත්‍යවරයා පැවසූ අතර ලබන වසරේ දී අලි සංගණනයක් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු අවසන් කර තිබෙන බව ද ප්‍රකාශ කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |