දැවැන්ත වන අලියෙකු කාන්තාවක් විසින් මරාදැමූ හැටි මෙන්න..
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී වනඅලියෙකුට විදුලිසැර වැදීමෙන් මිය ගොස් සිටියදී (16) වනඅලියාගේ අවසන් කටයුතු සිදුකල බවට උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පවසනවා.
ඔඩ්ඩුසුඩාන් ඔදියමලෙයි ප්‍රදේශයේදී අදාල වන අලියා ඊයේ දින මිය ගොස් සිටියදී ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව මුලතිව් වනජීවි කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව වනජීවි නිලධාරීන් සහ ඔඩ්ඩුසුඩාන් පොලීසිය සිදුකරන ලද පරික්ෂණවලදී කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී වනඅලියා මිය ගොස් සිටි ඉඩම හිමි කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනඅලියාට විදුලි සැර වැදීමකින් මිය ගොස් ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලිවීමෙන් අනතුරුව වනඅලියාට විදුලි රැහැන් යොදා විදුලිසැර වද්දා මරණයට පත්කොට ඇති බවට වූ සැකය මතය.
මෙලෙස විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ උසින් අඩි 08 ක් පමණ වූ අවුරුදු 20 ක් පමණ වයසැති දැවැන්ත වන අලියෙකු වන අතර මිය ගිය වන අලියාගේ අවසන් කටයුතු උතුරු පලාත් භාර වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |