"සහය දෙන්නේ නෑ " අද මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹෙන විදුලි වර්ජනයට පිරිසක් බෑ කියයි

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Strike Sri Lanka
By Sewvandhi Jun 08, 2022 05:20 PM GMT
Report

අද මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කර ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ වර්ජනයට සහය නොදෙන බව විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය සහ ස්වාධීන ඉංජිනේරු සංගමය පවසනවා.

මේ අතර විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැඩවර්ජනය හේතුවෙන් හෙට උදෑසන 8 පමණ වනවිට දිවයින පුරාම විදුලිය විසන්ධි වන බවයි එම සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරු සංගමය සහ තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමය යෝජිත වැඩ වර්ජනයට සහය ලබා නොදෙන බව පවසනවා. 

නිවේදන නිකුත් කරමින් එම සංගම් පවසන්නේ පාරිභෝගිකයින් අපහසුතාවට පත් නොවන අයුරින් විදුලි සැපයුමක් ලබාදීම සඳහා ජාතික පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now