විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පිරිසකගේ විරෝධය - " පිළිතුරක් නොලැබුනොත් දීප ව්‍යාප්ත ක්‍රියාමාර්ග ගන්නවා.."

By krishani Aug 13, 2022 03:12 AM GMT
Report

75% කින් විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සිය විරෝධය පළ කර තිබේ.

එහි සම ලේකම් ඇන්ටන් මාක්ස් විමසීමක දී කියා සිටියේ මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මහජන උපයෝගිතා කොමිසමට ද ඊයේ (12) දින ලිපියක් යොමුකළ බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සම්බන්ධයෙන් තම සංගමයට පිලිතුරක් නොලැබුණහොත් ඉදිරියේ දී දීප ව්‍යාප්ත ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join