වහාම ක්‍රියාත්මක පරිදි හෙට සිට විදුලි ගාස්තු අඩු කෙරේ..!

Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Sewvandhi Jun 30, 2023 01:02 PM GMT
Report

 ශ්‍රී ලංකා මහජන උපයෝගීතා‌ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ, හෙට (01) සිට ක්‍රියාත්මක වනපරිදි සියයට 14.2 කින් විදුලි ගාස්තු අඩුකිරීමයි.

ඒ අනුව ගෘහස්ත අංශයේ ඒකක 0ත් 30ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65ක් ගාස්තු අඩු වීමක් සිදුවෙන බව පවසයි.

ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කෙරේ. මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා අඩු කර තිබේ.

ඒකක 60 ට අඩු කාණ්ඩයේ ඒකක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කෙරේ.

ඒකක 91ත් 120ත් කාණ්ඩය සඳහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කෙරෙනු ඇත.

ආගමික ස්ථාන සඳහා සියයට 16ක ගාස්තු අඩුවීමක් ලබාදී තිබේ. අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට ඒකකය රුපියල් 10 බැගින්. (රුපියල් 30 සිට 10 දක්වා අඩු කෙරේ)