විදුලි බිල වැඩිවීම ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් දැනුම්දීමක්..!
මහජන උපයෝගිතා කොමිසම අද දින (01) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමට ප්‍රථමව විසඳා ගත යුතු කරුණු කිහිපයක් කිහිපයක් ම පවතින බවයි .
එහිදී අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති..
"මෙහෙම ගියොත් විදුලි බිලත් උදේ නැගිටිනකොට දකින් ඉන්ධන මිල වගේ වැඩිවෙලා තියෙයි. ඒකට අපි එකඟ නැහැ." "මේක මෙහෙම කරන්න බැහැ. ඒ නිසයි අපි කියන්නේ නැප්තා සහ ෆ(ර්)නස් ඔයිල් අපිට ගල්අඟුරු වගේ ගෙන්වන්න අවසර දෙන්න කියලා."
"හැමදෙයක්ම ලෝක වෙළෙඳපොලේ අඩුවෙලා.. හැබැයි ලංකාවේ ඒ තත්ත්වය දකින්න නැහැ." "අපි දැන් මේ තෙල්වලට කරන්නේ තෙල්වලට අපි ගෙවන ගාණට වඩා වැඩි ගාණකුත් ගෙවලා ඒ ගාණ අපි විදුලි පාරිභෝගිකයාගෙන් අය කරගන්නවා."
"අපි පෙර සිටම උපදෙස් දුන්නේ විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ෆ(ර්)නස් ඔයිල් සහ නැප්තා ගල්අඟුරු මෙන් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා නම් මේ යන බිලියන 400 වියදම තව බිලියන 200කින් අඩු කරගන්න පුළුවන්."
"ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් විදුලි බල මණ්ඩලය ෆ(ර්)නස් ඔයිල් ලීටරයක් ගන්නේ රුපියල් 320කට. නැප්තා ගන්නේ 160කට ලීටරයක්. මේ ගෙවන මුදල ඉතාම අධිකයි. CPC එකත් පිළිගෙන තිබෙනවා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 150ක ලාබයක් ලබනවා කියලා."
"අපිට තිබෙන දත්ත අනුව එක ෆර්නස් ඔයිල් ලීටරයකින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් 120ක 140ක පමණ ලාබයක් තිබෙනවා." "විදුලි බල මණ්ඩලය තාමත් අපෙන් ඉල්ලීමක් කරලා නෑ විදුලි බිල වැඩි කිරීමට. අපි බලං ඉන්නවා ඒ යෝජනාව එනකම්..අපේ විසඳුම දෙන්න." "අපිට තිබෙන දත්ත අනුව විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නෑ කියන තැන තමයි අපි ඉන්නේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |