විදුලි බිල සම්බන්ධයෙන් ජනතාවට සුබ ආරංචියක්... ජනවාරි සිට ගාස්තු අඩු වෙයි..
Sri Lanka Politician
Ceylon Electricity Board
Kanchana Wijesekera
Latest Headlines
Decision Making
By Sithumi
එළඹෙන වසරේ ජනවාරි මාසයේ විදුලි බිල අඩුවිය හැකි බවට පුරෝකතනය කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඔහු මේ බව ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කළා.
ඔහු කියා සිටියේ මේ දිනවල වැසි තත්වය අපේක්ෂා නොකල ආකාරයෙන් ලැබීම මීට හේතුව බවයි.
ඒ අනුව ජල විදුලිය උපරිම අයුරින් භාවිත කිරීම මත ජනතාවට වාසි සහගත අයුරින් කටයුතු කල හැකි බව ඔහු ප්‍රකාශ කලා.
වැඩිදුරටත් ඔහු කියා සිටියේ ජනතාව මත බර පැටවීම සේම වාසි සහගත අවස්ථා ජනතාවට ලබාදීමට අවශ්‍ය බවයි.
ඒ අනුව ඉදිරි සංශෝධනයේ දි විදුලි බිලෙහි අඩුවීමක් අපේක්ෂා කළ හැකි වනවා.