ජනපති විදුලි බිලට කරන්න යන දේ මෙන්න
Anura Kumara Dissanayaka
Sri Lanka Electricity Prices
Price
Sinhala news
By Ashfa
විදුලි ගාස්තුවල යම් මිල වැඩි වීමක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
වසරකට දෙවරක් සිදුකරන විදුලි මිල සංශෝධනයට අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
විදුලිබල මණ්ඩලයට ඇති බිලියන 200ක ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුවගතකරණය කර ඇති බවත් ඊට අනුව ඉන් කොටසක් විදුලි බිලට එකතු වනු ඇති බවත් ඔහු සදහන් කරයි.
එළැඹෙන ජූනි මාසයේ සිට විදුලි ගාස්තු මිල වැඩි කිරීම සිදුවන නමුත් එය කිසිසේත්ම පසුගිය දෙසැම්බර් මාසයේ තිබූ විදුලි ගාස්තු මිලට වඩා වැඩි නොවනු ඇති බවත් ජනපති පවසයි.
ජනපති මෙම අදහස් ප්‍රකාශ කළේ සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනී.