විදුලි ගාස්තුව අඩු වන විදිහ...ඒකකයක්..කින්..?

Sri Lanka Economic Crisis Ceylon Electricity Board Sri Lanka Electricity Prices Financial crisis
By Sewvandhi Jan 13, 2024 04:22 PM GMT
Report

මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, විදුලි ගාස්තු සංශෝධනයට අදාළ දත්ත ඇතුළත් වාර්තාව තම කොමිසම වෙත ලැබුණු බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද දිනයේ කොමිෂන් සභාවට ලැබුණු බවයි, නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් සඳහන් කළේ.

එය මහජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කරන බවද එම කොමිෂන් සභාව සඳහන් කළේය. කෙසේවෙතත් නව විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මාසයේ සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙන් බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අදහස් පළ කළේය.

"ඉතාම සරල අන්දමට කළ ගණන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට යම්කිසි මිල අඩුකිරීම් වගයක් යෝජනා කරලා තියෙනවා. යෝජනා කරලා තියෙන මිල දෙස බලපුවාම එහි ස්ථාවර ගාස්තුවත් ඒ වගේම ඒකක ගාස්තුවත් දෙකම අඩු කරලා තියෙනවා.

මේ ඉදිරිපත් කිරීමේ අවසායේ දක්වලා තියෙනවා ඉතාම හාස්‍ය ජනක කරුණු කිහිපයක්. මූල්‍යමය ගනුදෙනු කරන ආයතන වෙනම කොටස්වලට වෙන්කරලා. මම හිතන ආකාරයට ඉඟි කරන්නේ වැඩි මිලක් අය කරමු කියලා.

ඒ වගේම යෝජනා කරලා තියෙන විදුලි මිල අඩුවීම සාමන්‍යයෙන්... ඒකකයට රුපියලක් වගේ ප්‍රමාණයක් විදුලි මිල අඩුකිරීමක් තමයි කරලා තියෙන්නේ."

Sponsored By Sarrita Jewellery

විදුලි ගාස්තුව අඩු වන විදිහ...ඒකකයක්..කින්..? | Electricity Bill Changed Sri Lanka