පළමු විද්‍යුත් වාහන ආනයන බලපත්‍රය නිකුත් කෙරේ..! වැඩි විස්තර මෙතනින්...

Manusha Nanayakkara Sri Lanka Electric Vehicle
By Sewvandhi Sep 20, 2022 10:50 AM GMT
Report

විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත්‍රය අද ලබා දී තිබේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් එම බලපත්‍රය විදේශගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වෙත නිකුත් කර ඇත.

මේ වන විට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර සදහා විශේෂ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බව අමාත්‍යවරයා එහිදී පැවසීය. විදෙස් රටක ජීවත්වන, රැකියාව කරන හෝ ද්විත්ව පුරවැසිභාවය දරණ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු මේ සඳහා මූලික සුදුසුකම සපුරන අතර, මැයි මාසයේ 01 වැනිදා සිට දෙසැම්බර් 31 දා දක්වා කාලය තුළ ප්‍රේෂණය කරන ඩොලර් විසි දහසක් හෝ ඊට වැඩි වටිනාකමක් සහිත මුදලක් විද්‍යුත් මෝටර් රථ සඳහාත්, මැයි මස 01 වැනිදා සිට 2023 වර්ෂයේ මැයි මාසය දක්වා ප්‍රේෂණය කරන ඩොලර් තුන්දහසක් හෝ ඊට වැඩි මුදලක් විද්‍යුත් යතුරුපැදි ගෙන්වීම සඳහාත් වලංගු වේ.

මෙරටට යොමු කරන ලද ප්‍රේෂණ නිත්‍යනුකූල බැංකු පද්ධතිය හෝ නියෝජිතයකු වෙත යොමු කර තිබීමත්, මුදලින් 50%ක් රුපියල් බවට පරිවර්තනය වී තිබීමත් අනිවාර්යය බව පැවැසූ ඇමැතිවරයා මෙසේ යොමු කරන හෝ යොමුකළ මුදලින් හරි අඩක මුදලකට යතුරු පැදිය හෝ විද්‍යුත් මෝටර් රථය ගෙන්වා ගත හැකි බව ද පැවැසීය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW