විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට තාර බර ප්‍රශ්නයක් වෙයි..

Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka Electric Vehicle Department of Motor Vehicles
By Aruna Oct 05, 2023 06:26 AM GMT
Report

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේදී එහි තාර බර සාමාන්‍ය ත්‍රිරෝද රථයක තාර බරට සාපේක්ෂව වැඩි බැවින් එය ත්‍රිරෝදරථ කාණ්ඩයේ ලියාපදිංචි කිරීමට ගැටලු මතුව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සඳහන් කර සිටිනවා.

මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය අනුව ත්‍රිරෝදරථයක් ලෙස ලියාපදිංචි කිරීමට එහි තාර බර කිලෝ ග්‍රෑම් 500ක් විය යුතු බවයි පැවසෙන්නේ.

විද්‍යුත් ත්‍රිරෝදරථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝදරථයක් විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකිවන පරිදි පරිවර්තනය කිරීමේදී ඒ සඳහා විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කරන අතර එවැනි ත්‍රිරෝදරථවල තාර බර කිලෝ ග්‍රෑම් 500 ඉක්මවන බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඒ හේතුවෙන් විදුලි බලයෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝදරථ ලියාපදිංචි කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා.

මෙම ගැටලුව මගහරවා ගැනීමට විද්‍යුත් ත්‍රිරෝදරථවල තාර බර කිලෝ ග්‍රෑම් 600ක් වන ලෙස සංශෝධනය කර ලියාපදිංචිය සඳහා පවතින බාධාවන් ඉවත් කිරීමට තීරණයකර තිබෙන බවයි වාර්තා වන්නේ.

වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගන්න යයි..වාහන වර්ග 67 ක ආනයනයට අවසර..

වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගන්න යයි..වාහන වර්ග 67 ක ආනයනයට අවසර..