උග්‍ර විදුලි අර්බුදය අස්සේ කැලණිතිස්සත් නවතියි.
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Sri Lanka
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Power Cut Today
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    මේ වන විට ශ්‍රී ලංකාව තුළ උග්‍ර විදුලි අර්බුදයක් අතර පෙරේදා (දෙසැ. 3) මධ්‍යම රාත්‍රියේ සිට මැද කැලණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරයද අක්‍රීය වී තිබෙනවා.
විදුලිබල මණ්ඩලය ඉන්ජිනේරුවන්ගේ සංගමය පවසන්නේ, අවශ්‍ය නැප්තා ඉන්ධනය අවසන් වීම හේතු වී ඇති බවයි.
මෙම බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක ධාරිතාවක් උත්පාදනය කරනු ලබනවා.
පසුගිය සඳුදා දිනයේ මෙම බලාගාරයට නැප්තා මෙට්‍රික් ටොන් 4,000ක් ලැබී ඇති අතර ඉන් පසුව මෙම බලාගාරය මෙගාවොට් 165කින් ක්‍රියාත්මක වූ බවත් ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ජිනේරු සංගමය අවධාරණය කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |