වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල මණ්ඩලයෙන් විශේෂ තීරණයක් ගනී..

Ceylon Electricity Board Kanchana Wijesekera
By Aruna Jan 19, 2024 05:31 AM GMT
Report

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා තිබෙනවා.

මේ අනුව, පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි, විදුලිබල මණ්ඩලය පවසන්නේ.

විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණා.

ඒ අනුව, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසුව උපදෙස් ලබාදී තිබුණේ, සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

Sponsored By Sarrita Jewellery

වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල මණ්ඩලයෙන් විශේෂ තීරණයක් ගනී.. | Electric Bord Spacial Notice