මුළු දකුණටම සතුටුදායක ආරංචියක්..අඳුර නැති කරන්න යයි..

Ceylon Electricity Board Southern Province
By Aruna Aug 24, 2023 04:10 AM GMT
Report

පොල්පිටිය - හම්බන්තොට අතර කිලෝවොට් 220ක අධිබලැති විදුලි රැහැන් මාර්ගයේ සම්ප්‍රේෂණ කටයුතු අද (24) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඉඩමක් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එය ප්‍රමාද වූ බවයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.

එය කිලෝමීටර් 150ක සම්ප්‍රේෂණ පද්ධතියක් වන අතර, එමගින් දකුණු පළාතට බාධාවකින් තොරව විදුලිය සැපයීමට හැකි වන බවත් ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියා.