විදුලි බල මණ්ඩලයෙන් ප්‍රබල තැනකට චෝදනාවක්.
Sri Lanka
Ceylon Electricity Board
By Aruna
නව විදුලි ගාස්තු ක්‍රමවේදය යටතේ විද්‍යුත් වාහන ආරෝපණය කිරීම සඳහා හඳුන්වා දී තිබූ විශේෂ අයක්‍රමය, මහජන උපයෝගීතා කොමිසම විසින් ඉවත් කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
එසේම, විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට වාර්ෂික ප්‍රසාද දීමනා ගෙවන්නේ ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මිස මහජන උපයෝගීතා කොමිසම නොවන බවයි විදුලිබල මණ්ඩලයේ ආයතනික ක්‍රමෝපාය සහ නියාමන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිහාල් වීරරත්න කියා සිටියේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විදුලි ගාස්තුව 75% ක සාමාන්‍ය අගයකින් ඉහළ දැමුව ද විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන 45 ක පමණ අලාභයක් ලබන බවයි.
නව අය ක්‍රමයේ පවතින ගැටළු පිළිබඳව ඉදිරියේදී ලිඛිතව මහජන උපයෝගීතා කොමිසම දැනුවත් කරන බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |