විදුලිය ගාස්තු ඉහළ නැංවීමට කැබිනට්ටුවේ අනුමැතිය ලැබෙයි?..
Sri Lanka
Ceylon Electricity Board
By Aruna
විදුලිය ගාස්තු ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවට අද දිනයේ අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරනවා.
පසුගිය සතියේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර අමාත්‍යවරුන් ගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා සතියක කාලයක් ලබාදී තිබිණි. එම යෝජනාවන් සලකා බැලීමෙන් අනතුරුව අද දිනයේ කැබිනට් මණ්ඩලය විසින් එය අනුමත කරනු ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.
මෙසේ විදුලි ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය ලැබුණ හොත් ඉදිරි කාල සීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය දීමට හැකි වනු ඇති බව ද අපේක්ෂා කරන බව අමාත්‍යාංශය කියයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |