අද සිට වැඩි වූ විදුලි බිල ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි...වැඩි වූ මිල ගණන් ලැයිස්තුවත් මෙන්න..

Sri Lanka Ceylon Electricity Board
By Aruna Aug 10, 2022 03:39 AM GMT
Report

සංශෝධිත විදුලි ගාස්තු අද සිට ක්‍රියාත්මක වනවා.

සියයට 75 ක සාමාන්‍ය අගයකින් විදුලි බිල වැඩි කිරීමටයි මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙන්නේ.

ඒ අනුව ඒකක 30 ක් සඳහා අය කෙරෙන විදුලි ගාස්තුව රුපියල් 198 ක් දක්වා සියයට 264 ක අගයකින් වැඩිවනවා.

ඒකක 31 ත් 60 ත් අතර විදුලි බිල්පත් සඳහා අයකෙරෙන මුදල රුපියල් 599 ක් දක්වා වැඩිවන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 211 ක්.

ඒකක 61 සිට 90 දක්වා විදුලි බිල්පත් සඳහා අයකෙරෙන මුදල රුපියල් 1,461 ක් දක්වා වැඩිවනවා.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 125 ක වැඩිවීමක්. ඒකක 91 සිට 120 දක්වා වන විදුලි බිල්පත් රුපියල් 2,976 ක් දක්වා සියයට 89 කින් වැඩිවන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.

ඒකක 121 සිට 180 දක්වා මාසික විදුලි බිල්පත් රුපියල් 5,005 ක් දක්වා වැඩිවන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 79 ක්.

මේ අතර මෙම ගාස්තු සංශෝධනයත් සමඟ ලබන ජනවාරි මාසය දක්වා විදුලි කප්පාදුව පැයක පමණ අවම කාලයකින් පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now