විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව ගත් අලුත්ම තීරණය මෙන්න.
විදුලිබල ඇමති මාධ්‍ය හමුවකට එක්වෙයි කවුරු කෙසේ පැවසුවත් මේ මොහොතේ විදුලිබිල වැඩි කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
“මම ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමාටත්, විදුලිබල මණ්ඩලයටත් කියන්නේ, අපි විදුලිය වැඩිනොකර යන්න බලනවා.
එතකොට පුනර්ජනීය විදුලිය අපිට මේ වසරේ මෙගාවොට් 1,000ක්වත් ගන්න පුළුවන් වුණොත් අපිට විදුලිබිලේ යම්කිසි ප්‍රමාණයකට අඩු කරන්නත් පුළුවන් කියලා මං විශ්වාස කරනවා.”
මේ අතර ඉන්ධන නොමැතිවීමෙන් මේවනවිට කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රීය වී ඇති බව විදුලි ඉංජිනේරුවන් පවසනවා.
ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට අහිමි වි ඇති මෙගාවොට් ප්‍රමාණය 280 ක්.
ඉන්ධන නොමැතිවීමෙන් එලෙස අක්‍රීය වූයේ සංයුක්ත චක්‍ර බලාගාරය, ජී පී 7 සහ ජී පී 16 යන බලාගාර බවයි විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කළේ.
එම බලාගාර යළි පණගැන්වීමට ඉන්ධන ලබාදීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.
කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශ කළේ සතියක් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එකගතාව පළ කළ බවයි.
කෙසේවෙතත් එලෙස බලාගාර අක්‍රීයවීමෙන් විදුලි සැපයුමට බාධාවක් නොවනු ඇති බවටයි විදුලි ඉංජිනේරුවන් විශ්වාස කරන්නේ.
ඒ, නොරොච්චෝලේ බලාගාරය ඊයේ සිට යළි ආරම්භ කිරීම හේතුවෙන්.
ඉන් ජාතික විදුලි පද්ධතියට එක්කරන මෙගාවොට් ප්‍රමාණය 300 ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |