මැතිවරණය පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයකින් නියෝගයක්..

Pakistan Election
By Sewvandhi Mar 01, 2023 01:41 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

පාකිස්තාන රජයට, සැලසුම් කර ඇති පරිදි මහමැතිවරණය පවත්වන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. 

  "එරට හමුදාව සහ අධිකරණ ක්ෂේත්‍රයේ බලධාරීන් එක්ව එරට නායකයෙකු බලයෙන් නෙරපා මැතිවරණය පමා කිරීමට සැලසුම් කර ඇති බවට" වාර්තා පළවීමත් සමගින්,එම නියෝගය නිකුත් කර තිබේ.

එරට අගවිනිසුරු ඉෆ්තිකාර් චෞද්‍රි සිය නියෝගය මගින් සඳහන් කර ඇත්තේ විධායකය, සිවිල් සහ හමුදා බලධාරීන් මැතිවරණය නොපැවැත්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත යුතු බවය.

එරට මහමැතිවරණය එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට නියමිතව තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now