සියලු මැතිවරණ එක තැනකට ගේන ජනපතිගේ යෝජනාවට අනුමැතිය හිමි වෙයි..
දැනට පවතින සියලු මැතිවරණ පනත්වල කරුණු ඇතුළත් කර එක පනතක් සකස් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අදාළව මෙම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ, මැතිවරණ පනත් වෙන් වෙන් වශයෙන් සංශෝධනය කිරීම වෙනුවට “මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත’’නමින් නව පනතක් හඳුන්වාදීමට නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසයි.
ඒ අනුව, ජනාධිතිවරණ, පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මැතිවරණවල සියලු කරුණු ඇතුළත් කර එම සියලු මැතිවරණවලට අදාළ වන පරිදි “මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත’’ සකස් කිරීමට නියමිතයි.
මැතිවරණයක් සඳහා තරඟ කරන දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයන් විසින් චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කරන විට ක්‍රියාමාර්ග ගැනීමට අදාළව පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීමට ඉකුත් වසරේ (2022) දෙසැම්බර් මස 12 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබුණා.
එමෙන්ම,මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන ලද අවස්ථාවන්හිදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකි පරිදි පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනත, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමටද මීට පෙරදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.