මැතිවරණ පැමිණිලි ඉහළ නගින අතරේ වේදිකාව දෙවනත් කළ පොරොන්දු මෙන්න..
මේ වන විට ජනාධිපතිවරණ වේදිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. එවැනි පසුබිමක මැතිවරණ පැමිණිලි ගණන ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ ලැබී ඇති පැමිණිලි ගණන 900 ඉක්මවා ඇති බවයි.
ජූලි මස 31 වනදා සිට මේ දක්වා එම පැමිණිලි ප්‍රමාණය ලැබී තිබෙනවා. එමෙන්ම ඊයේ සිට ගතවූ පැය 24ක කාලය තුළ පමණක් පැමිණිලි 65ක් ලැබී ඇති අතර එම කිසිදු පැමිණිලි ප්‍රචණ්ඩ ක්‍රියා නොවන බවද ඔහු සදහන් කළා.
මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයින් පවත්වන විවිධ රැලිවලදි ඔවුන් ජනතාවට විවිධ පොරොන්දු ලබා දෙමින් සිටින්නේ සුපුරුදු පරිදියි.
විශේෂයෙන්ම වැඩිහිටි දීමනාව වැඩි කරන බව රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනා වේතන වැඩි කරන බව සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා. එමෙන්ම වංචා දූෂණ අවම කරන බවත් තරුණ පරපුර ආරක්ෂා කරමින් ඔවුන්ට රැකියා ලබා දෙන බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
එමෙන්ම අද අනුර දිසානායක මහතා පැවසුවේ ජනතාවට ලස්සන අනාගතයක් උදා කරන බවයි.
තවද දිලිත් ජයවීර මහතා ගෙදරට පායන තරුව ආරම්භ කළා.
මේ අතර ජනපති රනිල් වික්‍රම මහතා තමන් ලබා දුන් සහන පිළිබදව අද පැවති රැලියේදි වැඩි අවදානයක් යොමු කළා.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%