අද මධ්‍යම රාත්‍රියෙන් පසුව රටේ සෑම ප්‍රදේශයකටම බලපාන පරිදි සිදුවන දේ මෙන්න..

Election Commission of Sri Lanka Sri Lanka Sri Lankan local elections 2023
By Aruna Mar 19, 2023 01:53 AM GMT
Report

ගමේ මන්ත්‍රීලාට වසර පහට කෝටි 900 ක් වසරකින් කාලය දීර්ඝ කළ පළාත් පාලන ආයතන තුන්සීය හතළිහක නිල කාලය අද (19 දා) මධ්‍යම රාත්‍රියේ සිට නිල වශයෙන් අවසන් වනවා.

ඉකුත් වසර පහේ දී මෙම ආයතනවල සභිකයන්ගේ වැටුප් දීමනාව, දුරකථන දීමනා සඳහා රුපියල් කෝටි නවසියයට (බිලියන 09 කට) අධික මුදලක් වැයවී ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ නිලධාරියෙක් ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

මෙම ගණනය කිරීම්වලට නගරාධිපතිවරුන්ගේ සහ නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ නිල රථයට ලබාදෙන ඉන්ධන දීමනා ඇතුළත්ව නැත.

මේ වනවිට නගරාධිපතිවරයකුට ඉන්ධන ලීටර් 600 ක් මසකට ලබාදෙන අතර වර්තමාන මිල අනුව ඒ සඳහා මසකට රුපියල් 240,000ක පමණ මුදලක් වැයවේ.

ඊට අමතරව සභාපතිවරයකුට මසකට ඉන්ධන ලීටර් 400ක් ලබාදෙන අතර ඒ සඳහා වැයවන මුදල 160,000 ක් පමණ වන බවද හෙතෙම පැවසීය.

2018 පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ දී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත පැවැත්වීමට නොහැකි විය.

එම මැතිවරණය 2019 ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත්වීම නිසා ආයතන 340 නිල කාලය අවසන් වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා නිල කාලය අවසන් වන්නේ ලබන ඔක්තෝබර් මාසය.

මෙරට මහ නගර සභා 24ක් ද නගර සභා 41ක් ද ප්‍රාදේශීය සභා 276ක් සඳහා සභිකයෝ තෝරා පත්කර ගැනෙති. මෙවර 8711 දෙනකුට ආසන්න පිරිසක් පත්කර ගැනීමට නියමිතයි.

මෙසේ තෝරා පත්කර ගන්නා නගරාධිපතිවරයකුට මසකට රුපියල් 30,000ක දීමනාවක්, නියෝජ්‍ය නගරාධිපතිවරයකුට රුපියල් 25,000ක දීමනාවක් ද ප්‍රාදේශීය සභා සභාපතිවරයකුට මසකට රුපියල් 25,000ක දීමනාවක් ද උපසභාපතිවරයකුට රුපියල් 20,000ක දීමනාවක් ද හිමිය.

පළාත් පාලන ආයතනවල සභිකයකුට මසකට ගෙවනු ලබන්නේ රුපියල් 15,000ක දීමනාවකි.

මීට අමතරව නගර සභාවක සභාපතිවරයාට රුපියල් 3000 ඉන්ධන දීමනාවක් ද උපසභාපතිවරයකුට රුපියල් 2000ක ඉන්ධන දීමනාවක් ද ලබාදේ.

ඊට අමතරව පළාත් පාලන ආයතන ප්‍රධානියාට නිල රථයක් හිමිය. සභාපතිවරයකුට දුරකතන දීමනා ලෙස මසකට රුපියල් 1500ක් ද උපසභාපතිවරයකුට රුපියල් 1000ක දීමනාවක් ද හිමිය.

සෑම සභිකයකුට ම මසකට රුපියල් 1000ක දුරකථන දීමනාවක් ද හිමිය.

පළාත් පාලන මැතිවරණය ලබන මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් ඒ සඳහා මුදල් වෙන් නොකිරීම නිසා එය පැවැත්වීම තාමත් ස්ථිර නැතැයි ද මෙම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.