ඉතිහාසයේ ප්‍රථම වරට මැතිවරණය පවත්වන දිනයට සිදු වූ දේ මෙන්න.

Election Commission of Sri Lanka Sri Lanka Election Sri Lankan local elections 2023
By Aruna Mar 03, 2023 02:03 AM GMT
Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට අදාළ දැන්වීමේ දින සඳහන් නොකර හිස්තැනක් තබා තේරිම්භාර නිලධාරිවරයාගේ අත්සන සහිතව එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ට දැනුම් දී තිබෙනවා.

එම දැන්වීම සමග අදාළ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ලැයිස්තුව ද භාෂා ත්‍රිත්වයෙන්ම එවන ලෙස දැනුම් දී ඇත.

තවද, මෙම ලේඛනය මැතිවරණ කොමිසමට ඊයේ (02)ගෙනැවිත් භාරදෙන ලෙසද සඳහන් කර ඇත.

අදාළ ලිපිය යොමුකර ඇත්තේ පෙරේදා (01) දිනයි. මැතිවරණයට අදාළ මුදල් නොලැබීම නිසා ඡන්ද විමසීමේ දිනය කල් දැමූ බව මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසූ අවස්ථාවේ දැනගත් බවත්, මේ නිසා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දිනය ලෙස ........ .(හිස් තැනක්) ප්‍රකාශයට පත් කරන බව තේරීම් භාර නිලධාරී අත්සන් කළ යුතු දැන්වීමේ සඳහන් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව අද (03) රැස්වී මැතිවරණය පැවැත්වීමට නියමිත දිනය තීරණය කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now