ඉදිරි ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය මෙන්න.

Sri Lanka Parliament Election Political Election commission Dinesh gunawardhane
By Aruna Feb 25, 2022 06:10 AM GMT
Report

සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය 25% ක් මිශ්‍ර ඡන්ද ක්‍රමයක්, නව ඡන්ද ක්‍රමයක් ඇති කරනතුරු පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී එකඟ වී ඇති බව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ, පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (24) රැස්වූ අවස්ථාවේදීයි.

නව ඡන්ද ක්‍රමයක් ඇති කරනතුරු පැරණි ක්‍රමයට පළාත් සභා පැවැත්විය යුතු බවට ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී තීරණය වී ඇත්තේ.

අදාළ විශේෂ කාරක සභාව මාර්තු මුල් සතියේ යළි රැස්වීමටද තීරණය වී තිබෙනවා.

සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය 25% ක් ලෙස පවත්වා ගැනීමට සහ තරුණ නියෝජනය අනිවාර්ය කිරීමද නිර්දේශ කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එහිදී එකඟතාවය ලැබූ තවත් යෝජනාවක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now