සන්ධානයේ පක්ෂ 5ක් තිලංගව ප්‍රතික්ෂේප කරයි..විශේෂ නිවේදනයක්..!

SLPP Thilanga Sumathipala Sri Lanka
By Sewvandhi Nov 23, 2022 01:28 PM GMT
Report

තිලංග සුමතිපාල මහතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ලෙස තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

 සන්ධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතාව ඉවත්කිරීම හෝ නව ලේකම්වරයකු පත්කරගැනීම සම්බන්ධයෙන් තමන්ට කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව සහ පූර්ව ආදර්ශ පරිදි ඒ සම්බන්ධයෙන් විධායක සභාව හෝ සන්ධානගත පක්ෂ දැනුවත් කළ යුතු බවත් එම පක්ෂ පෙන්වා දෙයි.

මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස ජයවර්ධන, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ඩග්ලස් දේවානන්දා, ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, දේශවිමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. කලංසූරිය යන මහත්වරුන්ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery