බිත්තර මිල ඉහළට..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Dec 17, 2022 07:32 AM GMT
Report

පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ගැසට්ටුවට එරෙහිව අභියාචනාධිකරණය අතුරු තහනමක් පැනවීමත් සමඟ මේ වනවිට වෙළඳපොළ තුළ බිත්තර මිල ඉහළ ගොස් ඇත.

මින් පෙර රුපියල් 50ක උපරීම සිල්ලර මිලකට අලෙවි වූ බිත්තරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 55ත් 65ත් අතර මිලකට වේ.

උත්සව සමය හේතුවෙන් බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පැවතියද මේ වනවිට වෙළඳපොළේ බිත්තර හිගයක්ද මතුව ඇති බව පාරිභෝගිකයන් පවසයි.

ඉහළ මිළ ගණන් යටතේ අලෙවි කිරීම සඳහා වෙළෙඳුන් බිත්තර සඟවා තබාගෙන සිටින බවටද පාරිබෝගිකයින් චෝදනා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join