නැතුවම බැරි, බිත්තර වලට උත්සව සමයේ දී මොකද වෙන්නේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න..

Egg Latest Headlines Decision Making
By krishani Mar 09, 2024 10:56 AM GMT
krishani

krishani

in ආහාර
Report

උත්සවය සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් එළෙඹෙන සතියේ දී මෙරටට ආනයනය කිරීමට නියමිත ය.

නැතුවම බැරි, බිත්තර වලට උත්සව සමයේ දී මොකද වෙන්නේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Eggs Price In Sri Lanka

ඒ බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.

ඒ අනුව කිසිදු හිඟයකින් තොරව බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කළ හැකි බව එහි සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ ය.

එළෙඹෙන උත්සවය සමයත් සමග ජනතාව වැඩි වශයෙන් බිත්තර මිල දී ගැනීම සිදු කරන බැවින් බිත්තර මිලියන 40ක් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සැලසුම් කර ඇත.

කෙසේ වෙතත්, මේ වන විට එයට අදාළ ආනයනකරුවන් සඳහා ඇනවුම් භාර දීම සිදු කර තිබෙනවා.